ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලහාරාජ්‍ය බැංකුවල අනාගතය
2018 අය වැය කථාවෙන් හෙළිදරව් කළ තවත් යෝජනාවක් ලෙසින් ඉදිරිපත් වී ඇති අපගේ රාජ්‍ය බැංකුවල අනාගත ඉරණම තීරණය වන ෂඵත් බලපෑමක් පිළිබඳව ආර්ථික අංශවල අවධානය යොමු කළ යුතුව ඇත. අවස්ථා කීකපයකදීම මෙබඳු යෝජනා ඉදිරිපත් වූ නමුත් තවමත් දේශීයත්වයට ගරු කරන හා නිවහල් ආර්ථිකයක් පතන සමාජ බලවේග හේතුවෙන් එ්වා ක‍්‍රියාත්මක නොවී යටපත් විය. 90 දශකයේදී මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් රාජ්‍ය බැංකු ජනතාකරණය කිරීමේ මුහුණුවරින් ඉස්මතු වූ අර්බුදය එවකට පැවති එ.ජා.ප. රජයේ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් දක්වා වර්ධනය විය.
රටේ සංවිධානාත්මක කම්කරු පන්තියේ සහයෝගයද ලබා ගනිමින් බැංකු සේවක සංගමය දියත් කළ ජන මතයක් තුළින් විරෝධතාවයක් ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරයේ සාර්ථකත්වය හමුවේ එම අදහස හකුලා ගැනීමට රජයට සිදු විය. අන්තිමේදී රාජ්‍ය බැංකු තවදුරටත් පූර්ණ රාජ්‍ය අයිතියේම තබා ගනිමින් ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙ...

