2017.12.06දින පුවත් කෙටියෙන්

1. සහල් සහ පොල් පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කරයි

2. ගින්තොටදී පොලිසිය අසාර්ථකවූවායැයි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රකාශනයට එරෙහිව, නීතිය සහ සාමයේ ඇමති සාගල රත්නායක එසේ නොවූවායැයි පවසයි

3. ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නේස්බි සාමිවරයා කළ ප්‍රකාශනය ‍බ්‍රිතාන්‍ය රජයේ නිල මතය නොවේයැයි කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි

Sri Lanka Digital Media Network

Submit Your Press Release

Get your company news, announcements, launches, appointments and events in front of a wider audience.

NewsDive Financial Chronicle Ceylon Independent Daily FC
Submit Your Press Release
Publish Across Our Network

4. ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් වාර්තාවක් පිහිටුවයි: ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියට සහභාගි වීමට නියම වූ නවදිල්ලිය බලා ගමන් කළ ක්‍රිඩකයන් නව දෙනෙකු ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය නොමැති නිසා අහස් යානාවෙන් ඉවතට: ලයිස්තුව ප්‍රමාද වූ නිසා එසේ කළායයි ඇමති දයාසිරි ජයසේකර කියයි: සභාපති තිලංග සුමතිපාල නිහඬයි

5. බදුල්ලේ දී දැවැන්ත ජන රැළියකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරඹේ

6. විදුලිබල ගාස්තු වැඩි නොරන බවද, විදුලිය කිසිවිටෙක නොකපන බවද, විදුලි ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි

7. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුලි ගෙවීම ඇතුළුව රුපියල් බිලියන 11 ක තවත් විශාල අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට: හිඟන්නන් පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 9ක්ද, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ස්මාරකයට රුපියල් මිලියන 30ක්ද වෙන් කෙරේ

8. ලංකා බැංකුවට ඇ.ඩො. මිලියන 1,140ක්ද, මහජන බැංකුවට ඇ.ඩො. මිලියන 842 ක්ද, ඉරාන තෙල් සමාගමට ඇ.ඩො. මිලියන 251ක්ද ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි ඉන්දන නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ පවසයි: 2015වේ සිට මේ දක්වා සංස්ථාව ගෙවා ඇති පොලිය රුපියල් බිලියන 35කි

9. බලාපොරොත්තු වූ සුළි සුලං කුනාටුව ශ්‍රී ලංකාවට බලපෑම් නොකළද, තවත් තද වැසි ඇතිවේයැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

10. නව දිල්ලියේ ඉන්දියාවට එරෙහිව තුන්වෙනි ක්‍රිකට් තරගයේද ශ්‍රී ලංකාව පරාජය ඉදිරිපිට

ඔබට වගවීමේ බදාදාවක්

Leave a Reply